අතැඟිලි බැඳුනේathaengili baendunee

Athegili Bedune

පද රචනය:
H S පෙරේරාh s pereeraa

ගී පද

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ  - කෙලෙස විඳින්නද 
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට  - ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට - නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද 
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන  - දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි - ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද 
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ - නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු - යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං