අතීතයේ මාathiithayee maa

Atheethaye Ma

ගී පද

අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ හමු වී වෙන් වී 
මැද ආදරයේ බැඳි බිඳි අතැර ජීවිතේ
ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ
මේ ගීය ගයන්නේ......

සොරාගත් මතකයන් තියා ඉනු දුරකින් 
හදින් නැගෙන ආදරේ නටඹුන්
කුරුටු ගා රුධිරෙන් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ 
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි 
මේ ගීය ගයන්නේ......

ශිතල කඳුලකින් ලියා ළය රහසක්
අප අපම වුණු අනන්ත නිමේෂයන්
විඳ දරා හදවතින් ළඟ නොරැඳි රැඳි නික්මා ගිය ඒ 
නිල්වනුන් රන්වනුන් ළඳු ලියන් නේලැසියන්ටයි 
මේ ගීය ගයන්නේ......