අතීතය සිහිනයක් පමණයිathiithaya sihinayak pamanayi

Atheethaya Sihinayak Pamanai

සංගීතය:
උපාලි ජයලත්upaali jayalath
පද රචනය:
පල්ලේගම හේමරත්න හිමිpalleegama heemarathna himi

ගී පද

අතීතය සිහිනයක් පමණයි
සැබෑ සුවඳක් නෑ
එදා සෙනෙහෙන් නොබැඳුනා නම්
මෙදා වියෝවක් නෑ…

තැනූ මන්දිර බිඳී වැටුනත්
නෙතේ කඳුළක් නෑ
සිනහ වෙන්නට වරම් නොලදත්
සිතේ කිලුටක් නෑ…

අතීතය සිහිනයක් පමණයි…

සොබා දහමට නොවන අවනත
ලොවේ කිසිවක් නෑ
ලොවේ පැරදුම මිසක කිසිදා
ලැබූ දිනුමක් නෑ…

අතීතය සිහිනයක් පමණයි…