අතීත දිවියේ අනන්ත අඳුරේathiitha dhiwiyee anantha anduree

Atheetha Diviye Anantha Adhure

ගී පද

අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ
මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ
උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ
අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ

විනීත මවගේ පැතීම නොතකා
ගියාම දුකසේ හඩන්න වූයේ
තුසිත විමානේ අපාය වෙත මා
ගියාසේ කඳුලැලි හෙළන්න වූයේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
රත්තරන් අම්මා බලන්න ආවේ

විනාසේ ගැලලූ ඔබේම පුතුනු
ලැබීම් පිටුපා දයාව අම්මේ
අගේට පැළඳූ ගෙල වට මාලේ
එදා සොරා ගෙන ගියානෙ අම්මේ
මගේම දැතින් පළඳවන්නයි
මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
සමාව දෙනු මැන පුතුහට අම්මේ