අතට මගේ වළලු දමන්athata magee walalu dhaman

Athata Mage Walalu Daman

ගී පද

අතට මගේ වළලු දමන්
රන් ගිරි ගිරි ගිගිරි දමන්//
දෙපස නැමී මම ආසයි නැටුම් නටන්න...//

අත් දිග හැට්ටේ ඇඳලා
මල් මල් රෙද්දක් ඇඳලා
කැඩපත ඉදිරියේ ඉඳලා
හැඩ බලන්න මං හරි ආසයි//

මගේ අතින් බත් උයලා
අම්මට තාත්තාට බෙදලා
රස කර කන හැටි බලලා
සතුටු වෙන්න මං හරි ආසයි//

පෝයට පන්සලට ගිහිල්ලා
බුදු සාධුට මල් පුදලා
ඒ පින්බර මූණ බලලා
සිනාසෙන්න මං හරි ආසයි//

අතට මගේ...