ආදරෙයි කාටවත් නැති තරම් කියාaadhareyi kaatawath naethi tharam kiyaa

Atharamdarei Katawath Nathi

ගී පද

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...

දුක දන්න ඇස් දෙකේ පෙම හංගලා
රවටන්න හිතුණෙම ඇයි මගෙ තුරුළට වෙලා
මං නැතුව ඉන්නට නම් බෑ කිව්වට ඔයා
බොරු මැව්වෙ හිතකින්දෝ හුස්මට හොරා...

විඳවන්න බෑ තව නම් මගෙමයි කියා
මට ආයෙ ඔයා වගේ කවුරුත් එපා
යළි එන්න ඇහුවට ඇවිදින් ආයෙත් ඔයා
තව දෙන්න ආදරේ නෑ ඉතුරුත් වෙලා...

ආදරෙයි කාටවත් නැති තරම් කියා
ඔය වගේ ආයෙමත් කියන්නත් එපා
ඒ තරම් ලං වුණත් වෙන කෙනෙකුගෙන් ඔයා
මං වගේ ආදරේ හොයන්නත් එපා
එදා කී කතා අතරේ දුක හිර වෙලා
කතා වෙන්නෙ ඇයි අපි ගැන වෙනදටත් වඩා...