අතැඟිලි බන්දා මාල හතක් පළඳාathaengili bandhaa maala hathak palandaa

Athagili Banda

ගී පද

අතැඟිලි බන්දා මාල හතක් පළඳා
පෙරහැරකින් වැඩි සුදු මැණිකේ 
මල් යායක් මගෙ හිත ළඟ පිපුණා
පැලේ පහණ නුඹ නොවෙද මගේ
පැලේ පහණ නුඹ නොවෙද මගේ 

කිරි සුවඳට සුර කුමරියො වැඩියද
පුංචි පුතුන් සිහිනෙන් හිනැහෙනවා
ලොව්තුරු සුව මට මිහිපිට මැවුණද
ආදරයේ සැනසීම දැනෙනවා

අතැඟිලි බන්දා ...

දහඩිය හෙලුවට වෙහෙසක් නෑ මට
මගෙ සවියට නිල් දෑස මැවෙනවා
හෙට දවසක් ඇත අරුණලු පිබිදෙන 
පුංචි පැලේ සිරිකත බැබලෙනවා

අතැඟිලි බන්දා ...