අතගැලි බැදුනේ ඇයි මේ විලසින්athagaeli baedhunee aeyi mee wilasin

Athagili Badune Ai Me

ගී පද

අතගැලි බැදුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට නැහැ වෙන සතුටක්
ඔබ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුනේ ඇයි අප ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්

සිතු පැතු  හැමදේ නෑ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙනු තුරු යළි වෙන්වෙමු අපි
ඔබ හ ‍ට ආයුබෝවන්
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්