ගී පද
අතැඟිලි අල්ලා තරුකැට පෙන්වා
හොරැහින් ඇත ඉඹලා
රස කවි කියලා ආදරේ කරලා
තුරුලේ මා නිදි කරවා
මා නලවා මා සනසා
ළඟ හිටියේ නුඹයි මගේ අම්මා
මග පෙන්වා මා රැකලා
පණ දුන්නේ නුඹයි මගේ තාත්තා
සතුටින්ම සැනසෙන්නේ දිවියේ
එක කඳුලක්වත් නොවැටෙන්න සදා
මා නලවා...
තරවටු කරලා මට සැර කරලා
හොරැහින් නුඹ ඇඬුවා
අකුරට යවලා හරි දේ පෙන්නා
සතුටින් මා දෙස බලලා
මා නලවා...
රජ වෙන්න සැනසෙන්න සසරේ
මගේ අම්මා මගේ තාත්තා
මා නලවා...