අත තියලා දිවුරන්න මගේ සොහොනටatha thiyalaa dhiwuranna magee sohonata

Atha Thiyala Diwuranna

ගී පද

අත තියලා දිවුරන්න මගේ සොහොනට 
මොහොතකටවත් ආදරේ කෙරුවද //

මගේ පාඩුවේ ඉන්න ඉඩදෙනවද
මා මතක නැති කරලා ඔබ යනවද
හිනහෙන්නේ අඩවන්න බැරි හිංදද
එන්නට එපා හොයාන මළ දාකට...

අත තියලා දිවුරන්න....//

කදුලැල් දරාගෙනම වෙන් වෙන්න නම් 
ඇයි ආදරේ කෙරුවෙ මං මේ තරම්//
වචනෙන් කියාගන්න බැරි දේ හුගක් 
හිත අස්සේ තව තියෙනවා.... මැරෙනකම්

අත තියලා දිවුරන්න ....//

හිනැහෙන්න මට නෑනේ ලැබිලා වරම්
ඉවසන්න සිදුවේවි මෙය දෛවෙනම්//
සංසාරේ කෙලවරට යනතෙක්ම මං 
ඔබට තමයි ආදරේ රත්තරං 

අත තියලා දිවුරන්න ...   //