ගී පද
ඈත පාවෙලා හිත කොයිබදෝ ගියා
චාරූ රූ රුවින් මත් වෙලා
නීල නෙත්සරින් ඇයි මාව වශී කළේ
මා හදේ හැඟුම් පාරවා
මල්වාර මල්මී වෑහේවා
ඉල් මාසේ පින්නේ නැහැවේවා
මල් දුන්න වීද රැස් මාලා
මල් හීසර වැස්සේ මං ආවා....
සරාගී....
සරාගී හීන විමානේ සරාවි මේ හිත මාගේ
රසොගේ සීතල නිල්ලේ වෙලීලා
උදා වූ මල්බර යාමේ
ගලා යයි ලා හිරු දෑලේ
ගැයේවා ජීවන ගීතේ වෙලීලා...
සරාගී....
(හිස් වූ හිත්මානේ සිත් සේ ඈ සරසාවී
රන් රසුරැල් අතුරා උන්න වීස්සෝපෙන්
සත්තයි මා මිහිරාවි පූණ්‍යා මේ පෙරදා...//)
සුළං රොදේ පවා දැනී ඔබේ හැඟුම් හදේ...
සන්සුන් රැස් මානේ ඉන්නම් මං හැමවේලේ
දුක රසඳුන් තවිරා රස ගීයක් වී මිමිනෙන්නම්
මනලෝලෙන් හද මිහිරෙන් පුරවා
සීත මීදුම් සේලයේ දැවටී එන්නම් හා පුරා
හීනේ ඈත මානෙන් කාගෙත් ඇස් වසා....
ඈත පාවෙලා....