ඈත ඉදන් හිනැහුණාටaetha idhan hinaehunaata

Atha Idan Hinahunata

ගී පද

ඈත ඉදන් හිනැහුණාට අටවක සඳ
මල් නැති වුණාට තනියක් නෑ මේ ගහ යට
දුර කන්ද නගින පෙම්වතුනේ අත්වල් බැඳ
දුක හිතන්නෙපා ගහ ගැන මල් නොදුන්නාට //

එකිනෙක තුරුළු වෙනවා නුඹලා දැක
කොහොමටත් රිදුණේ නෑ තනිකඩ හිත
ගැලුවට දෙකොපුල් සිඹගෙන ආදර ගඟ
බනින්නෙපා දිය දෝතක් නොදුන්නාට

ඈත ඉදන් හිනැහුණාට ....

ප්‍රේමය සේ සිපගත් වියපත් මුහුණම
දිනයකි සැඩ පහරකි ඉවුරද කළඹන
මට ඔය කිසිවක් නැත තනි මගේ හිත මිස
ඒ තනි සියපත් සියයක් සුවදය

ඈත ඉදන් හිනැහුණාට ....