ගී පද

හෝ..........හෝ.......

(ඈත දිලිසෙන හිරු සඳු රන් තරු 
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු 
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු 
ආදරෙයි මා ආදරෙයි...
ආදරෙයි මා ආදරෙයි)...//

(ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ 
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ)..// 
දෑස දෑසක් සොයා තනිවූ දිනේදී

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු .../

(මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ 
වාසනාවේ, අමිල උදාවේ)..// 
සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ... 

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු... //
ආදරෙයි මා ආදරෙයි ..////