ඇට සැකිල්ල වාගේaeta saekilla waagee

Ata Sakilla Vage

ගී පද

ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන බලා
අපෙ කැකිල්ල රජ්ජුරුවොයි මේ එන්නේ ඉඳපල්ලා නිශ්ෂබ්ද වෙලා

නුවණක්කාරගේ මොට්ටපාල..;
මොට්ටපාල උඹ වැරදි කාරයද ඒබන්ගේ කන කැපුවාට
ඇත්ත නොකීවොත් කසෙන් ගහනවා පේන තුරා හදෙ ආවාට
කොණ්ඩෙ කපද්දී බෙල්ල ඇල්ලුවම මිනිහට හංකිති කැවුණා
මිනිහා හිනහ වී කලබල කෙරුවම දැලි පිහියට කන කැපුණා

බේගල් හාමුගේ ... සත්‍යපාල
 බේගල් හාමුගෙ  සත්‍යපාල උඹ නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ ඇත්තද අත්තටු හකුළා
 බේගල් හාමුගෙ  සත්‍යපාල මම එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව හොරකම් කෙරුවේ නැන්සි අක්ක දැනුවත්වයි

දෙපැත්තෙ කාරණා සලකල බලලයි දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිලි කරුවොයි වැරදි කාරයෝ විත්ති කාරයෝ නිදහස්