ඇසුණු ගීතිකා ඔබ එදාaesunu giithikaa oba edhaa

Asunu Githika Oba Eda

ගී පද

ඇසුණු ගීතිකා ඔබ එදා
සිහින මාලිගා මැවූ සේ
ඒ නම් අතීතියේ
ඔබේ ගායනා ඇසේවි මෙදා
සවන් ගීනි ගනී වැකිලා ඒ මෙදා //

අසිරි ලෝකයක් සොයා මා
මැවූ පෙම් හැඟුම් කොහේදෝ //
ඔබට ආදරේ කිව්ව මා
අද මේ ලෙසේ සිතයිදෝ

ඇසුණු ගීතිකා ....

මතකයේ පැතුම් නිවේවා
ගිනි අළු වෙලා නිවේවා //
හදවතේ අලුත් චේතනා
මල් වගේ පිපේවා 

ඇසුනු ගීතිකා ....