ගී පද
ඇසුනිද සොඳුරේ මා පැවසූදේ //
ඔබ හා එක්වී ගී ගයා
මා පෙම් කෙරුවේ මුළු හදවතින්නේ
එනමුදු ඔබ මා තනිකලා //
මගේ ලෝකයේදී මා හා ඔබමයි ප්‍රියේ සදා
ඔබේ ලෝකයේදී කිසිදා ළඟින් සිටියේ නෑ මෙමා
හඳින් පවසනා ඒ හැගුමන් ප්‍රියේ මාගේ සුන්කලා
ඉතින් ඒ දුකින් ඔබ කෙදිනා මුදාවේවී දැයි සිතා
එනමුදු හැගුමන් එක්වී කවදා මා හමුවේවි යැයි සිතා
ඒ දුක ඉවසා අවමන් විඳලා එනතුරා මා මෙහි දුක් වුනා
ඇසුනිද සොඳුරේ ....
වලාමැදින් නැග ආ හිරු සේ නේක එළිය වූ මෙමා
පියුම් විලෙන් පැන්පොද ගවසා ඔබේ සිසිල වූ එදා
සිනාසෙත්ම මාගේ මුවගේ ඔබේ රැවම වූ සදා
කදුළුවත්ම ඔබගේ දෙනෙතේ සසල වුයේ මා තමා
එනමුදු හැගුමන් එක්වී කවදා මා හමුවේවි යැයි සිතා
ඒ දුක ඉවසා අවමන් විඳලා එනතුරා මා මෙහි දුක් වුනා
ඇසුනිද සොඳුරේ ....