අස්ථීරයිasthhiirayi

Astheerai

සංගීතය:
රොෂේන් වලිසුන්දරrosheen walisundhara
පද රචනය:
මිලත්තැවේ සුගත් හිමිmilaththaewee sugath himi

ගී පද

සිදුවෙච්ච හැමදේ
මතක හිටෙන පාඩමක්
නැතිවෙච්ච හැමදේ
උරුමයෙන් ලද දෙයක්
ඇතිවෙච්ච හැමදේ 
නැතිවීමත් ස්වභාවයක්
අපි දෙන්නාගේ වෙන්වීමත්
දෛවයෙ පිළිතුරක්

(අස්ථීරයි මේ හැමදේම
ස්ථීරයි අපෙ සමුගැන්ම
ඉස්තරම් ඔබේ රඟපෑම 
දැන් යන්න කරුණාකර)..//

අඩුව දැනිලා මාගේ 
යලිත් එයි මා කරා
කිව්ව වචනේ පවා 
අද හැබෑවක් වෙලා
පිට පාරේ..හොර රහසේ
පිට පාරෙ හොර රහසෙ ඔබ ගියා..
පෑගෙන දුවිල්ලක් තරමටවත් ඔබ මට වටින්නෙ නෑ
සමාවක් කිසිදාවත් ආයෙත් මා ලඟනම් ඇත්තෙම නෑ

අස්ථීරයි මේ හැමදේම....//

නැති වැරදි පෙන්නලා ගොඩක් ඔබ සතුටු උනා 
තනිවෙන්න ඉඩ හැරලා ඔබ මාව මගහැරියා
පිට පාරේ..හොර රහසේ පිට පාරෙ හොර රහසෙ ඔබ ගියා..
පෑගෙන දුවිල්ලක් තරමටවත් ඔබ මට වටින්නෙ නෑ
සමාවක් කිසිදාවත් ආයෙත් මා ලඟනම් ඇත්තෙම නෑ

සිදුවෙච්ච හැමදේ....
අස්ථීරයි මේ හැමදේම....//