ආසිරි මංගල ගීත ගයා අපිaasiri mangala giitha gayaa api

Asiri Mangala Geetha Gaya

ගී පද

ගම්මානයේ පැල්පතකයි ඈ විසුවේ
සිරි නරඹනා අතරයි මට හමුවුයේ
ගම්බද සිරිතටම මඟුලත් සිදුවේ
නුපුරුදු ගමේ ගොවිකමටත් පා තැබුවේ......

ආසිරි මංගල ගීත ගයා අපි
පැමිණියේ ගම්මානේ
නුපුරුදු දීගෙක පියවර තැබු අපි
ගොවීයෝ වූවානේ නුපුරුදු ගම්මානේ......

කල් ගෙවනා කල පැල්පත තුල මා
ඈ සමගින් ලොලේ 
ඇගේ ඇවිඳිලි මත පසු පා යුගයේම 
ගියානේ වෙල් යායේ නුපුරුදු ගම්මානේ.......

නුපුරුදු උදැල්ල කරේ තබාගෙන
ඇගේ ඇවටිලි මත්තේ
පසුදා අළුයම කෙටුවා කෙටුවා
(කර ගැට මගේ දෑතේ.....//)

ආසිරි මංගල ගීත.......

පාගා ගත් බැත අරගෙන පැල්පත
දෙසටයි පිය නැගුවේ
ගෙන ගිය වී ටික දමලා අ‍ටුවට
එය රැස් කර තැබුවේ
ඔහොමයි කල් ගෙවුනේ.......

ආසිරි මංගල ගීත.......
කල් ගෙවනා......