ගී පද
ඇසි පියවිල්ලක් ගානේ
මැවුනා ඔය රූපේ
රිදෙනා හිත ආයේ පාරා...
ඔබ රැවටිල්ලක් දෛවේ
කියලා නෑ හිතුනේ
මටනම් රත්තරනේ කිසිදා...
අරගෙන ආව සතුට
යලි ගෙනියන්න ඔහොම
ඇයි දුක නොහිතුනේ මා කෙරේ..
ලබන්නට වාසනාවක්
අරන් ඔබ ආයෙ නාවත්
තියේවී ප් රාර්ථනාවක්
ඔබේ ගැන ආත්ම ගානක්...//
ඉවසිල්ල නොතිබිච්ච ඔය ආදරේ
මං ගැනම වද වෙච්ච ඒ කාලයේ..
නොවෙනස්ව එක සේම ලඟ උන් මගේ
අඩු වූයෙ ඇයි ඔබට තිබු ඒ අගේ..
අරගෙන ආව සතුට.....
ලබන්නට වාසනාවක්....//
නැතුවාට දැකගන්න ඉස්සර වගේ
මග බලනවා තාම හුරුවට හිතේ..
සිහිවෙද්දි හැමදාම මතකේ අපේ
එලිවෙන්නෙ රෑ වෙන්නේ හිත ගින්දරේ..
අරගෙන ආව සතුට......
ලබන්නට වාසනාවක්...//