ගී පද
(ඇසිපිය ගානේ ඔබ ඇවිදින්
සෙනෙහස පතයි මගෙන්
අවසර දෙන්නද මම එහෙනම්
ඉන්නට මගේ ළඟින්.....//)
(ඉර හඳ ඉල්ලා දෑතම
දිගු කළ කිරි දරුවකු විලසේ...//)
සෙනෙහස අයදින ඔබ
හඬවන්නේ නෑ මා කිසි දවසේ....
ඇසිපිය ගානේ......
(ඉර හඳ නැති ලොව කණා මැදිරි එළි
දල්වා පලක් ඇති.....//)
මගේ දිවි පහනේ ආලෝකය දෙමි
සැමදා ඔබට බැඳී.....
ඇසිපිය ගානේ.....