අශෝකමාලා මමයි ස්වාමිනීashookamaalaa mamayi swaaminii

Ashokamala Mamai

ගී පද

අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී ...//

නොලැබෙන ලොවකට හඬා පලක් නෑ
එපා රජුණි මට රාජ සුවේ...//
තල් අතු මැදුරයි 
මේ වන අරණයි
අපට අගේ අපෙ හීන කුලේ

අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී

රජකුල පෙළපත එයින් කමක් නෑ
එන්න එපා අතු පැලට මඟේ ..//
ඈතින් දිලෙනා සඳට වඩා මට
ළඟ ඉන්නා ඝණඳුරයි අගේ

අශෝකමාලා මමයි ස්වාමිනී
අශෝක මල් වනයේ
රනේ රුවට රූ සපුව දිලෙන මුත්
මා චණ්ඩාලියකී
මා චණ්ඩාලියකී ...//