ආශා නිරාශා මැවූaashaa niraashaa maewuu

Asha Nirasha Mawoo

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

ගී පද

(ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි...//)

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ....

නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිඳී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ....