ගී පද
ආශා දෑසින් දකිනා සිහිනේ මිහිර මැකී යනවා
ඒ සිහිනේ දුටු තනිකම ඉපදී හද තුළ තෙරපෙනවා
ආ මග දෑලෙ පිපී මල් පරවී නෑ පල හටගන්නේ
සිතුවිලි මී මැසි ඒ මත මී බැඳ උරුමය රිදවන්නේ
තණ්හා දෑසින් පැතු මේ වරදට ගිලිහී බිම වැටිලා
දෛවය ගොනු අද ජීවන ගැල ගෙන ආ මග දිග යනවා
ඈත අතීතයෙ සිහින මැදින් යළි ජීවනයට යනව