ආශා දහසක් පොදි බැඳaashaa dhahasak podhi baenda

Asha Dahasak Podi

ගී පද

ආශා දහසක් පොදි බැඳ...
දෑසක් දැක්කොත් ලුහු බැඳ...
ජීවිතේට රස්නෙ හොයපු කලේ...
සිහිනෙන් සිහිනෙට වද විඳ...
මතකද පිස්සු නටපු කාලේ...

ගිහින් කටු ගාලක රෑ පැටලී...
ඉර පානෙත් යලි පැටලී...
තරුණ විසේ...රහට විදපු කාලේ...
සිහි කෙරුවත් දෑස් තෙමෙන...
ලස්සන දේවල් මතකද...
ආදරේට පිස්සු වැටුන කාලේ..//

කඳුලු පුරවන් මොකෝ...සතුට හොරු ගත්තදෝ...
දුක කියනන් නොසඟවා...තැවුල් කාටත් පොදුයි...
සුසුම් හෙලලා..සුලං වෙතට හරවන්නකෝ...
පුලුන් රැල්ලක් වගේ..නිදැල්ලේ පාව යයි...

කඳුලු පිසදා...ඉතින් සතුට අරගන්නකෝ...
දුක කියන්නේ...මේ ලොවේ ජීවිතේ ජය මඟයි...
සුසුම් මුසුවී...තමයි සුලඟ හැදුනේ කියා...
හැඩුම් මුසුවී...තමයි වැස්ස හැදුනේ කියා...
වදන්. ඔවදන්...කර පෙන්වා..ලූ...
අතීතෙ ලස්සන මතකද...

හිතේ ඇතිදේ...කියාගන්න දවසක් මදි...
වෙච්ච දේවල්...අහෝ නිමක් නෑ සුන්දරයි...
විවර කරනා හඳේ...සිරව ඇති සෑමදේ..
යොවුන් ඹබරුන්...වගේ ඉන්න කටත් හැකි...

දෑත් විහිදා...සුපෙම් මතක පවසන්නකෝ...
අසා ඉන්නා තරම්...තවත් සතුටක් නොවේ...
එවන් රස පෙම් කතා තමයි..ඔබගෙයි..මගේයි..
පතන පැතුමන්..පවා අමුතු වෙනසක් කලේ..
සිතුම්..සිතුවම්..සේ ගලපා..ලූ..මතකෙට..ස්තූතියි සැමට..

ආශා දහසක් පොදි බැඳ..
දෑසක් දැක්කොත් ලුහුබැඳ..
ජීවිතේට..රස්නෙ හොයපු කලේ..
සිහිනෙන් සිහිනෙට වද විඳ..
සතොසේ ඉවසාගෙන දුක..
මතකද පිස්සු නටපු කාලේ..

ගිහින් කටු ගාලක..රෑ පැටලී..
ඉර පානෙත් යලි පැටලී..
තරුණ විසේ..රහට විදපු කාලේ..
සිහි කෙරුවත්..දෑස් තෙමෙන..
ලස්සන දේවල්..මතකද..
ආදරේට..පිස්සු වැටුන කාලේ..//