ආසම හීනේ ඔයාaasama hiinee oyaa

Asama Heene Oya

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

ගී පද

හිමි දේකටද ආශා හිත මේ නිතර අහනා
මහද පුරා ප්‍රේම කලා ආසම හීනෙ ඔයා
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේ නම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනා නම්
නෙතු නොපෙනී සදා වැසුනා නම්
හිත මේ වාගෙ දුක් වෙන්නෑනෙ ඔබ හින්දා
මගෙ අඩුපාඩු මට කීවා නම්
වැරදුනු තැන් හදාගන එහෙනම්
අද මේ වාගෙ වෙන් වෙන්නෑ නෙ අපි දෙන්නා

පිංතූරෙ තරම් හැඩකාර වුනත්
හැසිරීම කැතයි හරි නෑනේ
මනමාල හිතක් කියලා දැනිලත්
කෙරු ප්‍රේමෙ තමයි අපරාදේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේ නම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනානම්....

එකපාර වෙනස් තනි තීරණගත්
ඔය හීනෙ බිදින්නෑ ඔබගේ
හිංසා නොකරන් දවසක් හරි මන්
ආදරය කලා පණ වාගේ
පේන මානේ ඉන්න ඕනේ වෙන් වුනත් දෙන්නා
ආදරේ නම් ඒ වගේමයි නෑ වෙනස් වීලා

හදවත කීතුවී ඉරුනා නම්....//