ආසයි ඔය දෑතින්aasayi oya dhaethin

Asai Oya Dathin

සංගීතය:
සමීර වීරසිංහsamiira wiirasinha
පද රචනය:
චාරක රණසිංහchaaraka ranasinha

ගී පද

ආදරියේ ඔය දෑසින් පානා පෙම් සිනා 
මා සිත තුළ පිරුණා
ජීවිතේ ඔබටයි මාගේ මා හදේ ඔබටයි ආදරේ
ආදරියේ ආදරියේ.....

මුදු නෙත් ඔබේ මා සනසවා මගේ හැඟුමන් 
ඔබ හොරැහින් රහසේම ගෙන ගියා
පෙරදා දෙඩූ ඒ පෙම් කතා 
තවමත් මගේ සවනේ රැව් දෙනා.....

(ආසයි ඔය දෑතින් ගෙන ඇවිදින්නට
ආසයි ඔය දෑතින් ගෙන පියඹන්නට....//)

ඔය බැල්මෙන් මාගේ සිතුම් පොපියනා
රෑ සිහිනෙන් ඒ හැඟුමන් රැව් දෙනා
දෙකොපුල් සුදු ඔබේ ලය හොවා
මා ඉන්නම් ලං වී තුරුලු වෙලා....

(ආසයි ඔය දෑතින් ගෙන ඇවිදින්නට
ආසයි ඔය දෑතින් ගෙන පියඹන්නට....////)