ඇස් පියන් දිගේ ආ ආදරේaes piyan dhigee aa aadharee

As Piyan Dige Aa Adare

ගී පද

ඇස් පියන් දිගේ ආ ආදරේ
මගෙ දෙතොල් පුරා තෙමා ගියේ
රස හැඟුම් පිරී එන යෞවනේ
ඔබ ළඟයි නැවතුනේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේ

කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
නෙතු නොවිඳිනා සිහිනේ නෑසී මා
නුරා ගින්නේ යයි අළු වීලා

කොහෙ යන්නද මා ඔය දෑසින් දැන් මිදිලා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා

ළය පුරා දුවයි ආලිංගනේ
මගෙ පැතුම් ඔහේ වශී උනේ
කන් පෙති දිගේ රස මන්තරේ
හිත උමතු කළා වාගේ
හංගලා කොහේ තියම්ද බැහැ අනේ
මා හැඟුම් කඩා හැලේ

කොහෙ යන්නද...

කොහේ යන්නද මා
කෙසේ යන්නද මා ඔය දෑසින් වෙන් වීලා
නෙතු නොවිඳිනා සිහිනේ නෑසී මා
නුරා ගින්නේ යයි අළු වීලා