අැස් පනාපිටaaes panaapita

As Panapita

සංගීතය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
පද රචනය:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

ගී පද

ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා 
තව බලා ඉන්න බෑ නික්ම මා යනවා 
දිවුරලා මට එදා පණට පණ ඉමු කියා 
වෙන් වෙනා තැනට දැන් වැඩ කලේ ඇයි ඔයා 
(චායාවට පවා පෙම් කර මා ඔබේ 
අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා)...//

ආදරේ වැඩි නිසා ඔබේ සුළු වැරදි මා 
නොසලකා සිටි නිසා දුර්වලයි මා සිතා 
ඔබේ සිත ගී පුරා මා හුඟක් රිදවලා 
සමු අරන් යන්න මා ඔබ හුඟක් පෙළඹුවා  
චායාවට පවා පෙම් කර මා ඔබේ 
අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා

සීමාව පන්නලා වැරදි කරලා ඔයා 
හීනෙකින්වත් පවක් නොකල මා වෙන් කලා 
ආයෙ හමුවෙන්නෙ නෑ ඔබේ දෑසට මෙමා 
ඔයා දඬුවම් විඳී කරපු වරදට සදා 

ඇස් පනාපිට ඔයා වැරදි කරනා දිහා 
තව බලා ඉන්න බෑ නික්ම මා යනවා 
චායාවට පවා පෙම් කර මා ඔබේ 
අද හුස්මක් ගානේ සුසුම් ලා මියෙනවා