ගී පද
අරුන්දතී තාරකාව සේ දිළි දිළී
නුවන් පෙතී විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී නැණින් යොවුන් සිත් බැදී බැදි
දවස්පතී රුවින් සිනාසෙයි නැඟී නැඟි
වෙරළ සමීපේ මින් සමුදායයි - ගමින් ගමට නිල්වන් වැව් යායයි
සිරිලක දසනු දිසා එක හීයයි - ලක් වැසියෙක් වී අද ඉර පායයි
මල්සර උක් දඬු දුනු හී මානයි - නව යෞවනයේ පෙම් රජ දහනයි
හිරු නව පැතුම් පතා රැස් වීදයි - නිවහල් ලොවකට මං පෙත පාදයි