ගී පද
අරුණාලෝකය අතරේ
අද නව ලෝකය ඉදිවේ
තෙරුවන් සරණින් දෙවි රැකවරණින්
ජයගොස දස දෙස පැතිරේ
මනු ලොව මනුසත් බව ලැබ ගන්නේ
හද ගැබ නොමිනස් ගති දුරලන්නයි
සිරුරේ ලෝභිත ගඟක් ගලන්නේ
ජීවිතයේ දිගු විජය ලබන්නයි
ලොව විනිවිද යන නැණැස් ලබන්නේ
සඳ නොව තරු නොව හිරු ජය ගන්නයි
සොඳුරු මහරු පොළවක උපදින්නේ
එ් පොළවෙන් මුළු ලොව ජය ගන්නයි