ගී පද
අරුණ කිරණ සැලී
පිපුණු මලක් වැනී
තුරුණු වියේ වෙලී
තරුණ ජිවිතේ මගේ//
කුරුල්ලෙකු සේ නිදහසේ
ඉගිල යන්නට පෙර ලෙසේ
නිමක් සිහිනයක සේ
සිතේ ඉමිහිරි ගී ඇසේ
අරුණ කිරණ...
පිපෙන මල් ගොමු සොයා සොයා
ගීතයෙන් ගීතය ගයා
සොඳුරු සමනල කැල සොයා
තුරුණු විය මා ගෙන ගියා
අරුණ කිරණ...