අරුමෝසම්arumoosam

Arumosam

පද රචනය:
රන්දික අමරසූරියrandhika amarasuuriya

ගී පද

පහන් කණුවේ හෙවණ තමයි හැමදා අපේ උරුමේ 
එන දෙයියෝ කොයි දොහේද අනුකම්පා කෙරුවේ 
පිනක් නැති අපට නෑ ගුරු ගෙදරින් දොර ඇරුනේ 
මේ දේවල් නොහිතා නුඹ තරු ගැනපන් අහසේ.......

අරුමෝසම් සෙල්ලම් බඩු දැක නාඬන් නැගණි 
ඉගිලී ගිය මොටෝරියෙන් සතයක් ලැබුණි 
පවුලේ කුසගිනි නිවන්න එකෙන් පණ ලැබුණි 
මං එනතුරු වීදිකොණේ  හිටපන් මයේ නැගණි 
හිටපන් මයේ නැගණි.......

දඩයම් බල්ලන් නුඹටත් ඉව කරනා දවසේ 
පැලක් හදා නොගත්තෝතින් මයේ හිත මට දෙස් දේ 
මාල පබළු දිහා තවත් බලන්නේ නෑ අයියණ්ඩි 
මුවා වෙලා කඩපිල් ළඟ අහසේ තරු ගනින්නෙමි........

අරුමෝසම්.......
(නුඹ එනතුරු වීදි කොණේ ඉන්නම් අයියණ්ඩි.......//)

අරුමෝසම්.......
(නුඹ එනතුරු වීදි කොණේ ඉන්නම් අයියණ්ඩි.......////)