ආරෝන්ගේ මල්ලී බාරොන්aaroongee mallii baaron

Aronge Malli Baron

ගී පද

(ආරෝන්ගේ මල්ලී බාරොන් මොරටුවේ දක්ෂ වඩුවා
ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාලා හැදුවා
නැදුන් බුරුත හල්මිල්ලෙන් හොඳ හොඳ වැඩ කෙරුවා
කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා).......//

බාරොන් බාසුන්නැහේ වැඩට දක්ෂයෙක්
අඹ ලෑල්ල තේක්ක යැයි කියන ලෝකයෙක්
දවසක් දා හදවන්නට නිදන හොඳ ඇඳක්
ඕඩරේ දුන්නේ ලඟදිම බඳින ජෝඩුවක්
ඇඳ හදන්න ගත්තා රුපියල් අටසීයක්
බාරොන් බාසුන්නැහේට එය ලොකු ගාණක්
කලකට පස්සේ අයිසේ මේක ලොකු වැඩක්
කියලා හිතාගෙන බාරොන් හැදුවා මරු ඇඳක්.......

ආරෝන්ගේ මල්ලී බාරොන්.......

බඳින දවසේ ජෝඩුව ගියේ ඇඳත් අරගෙන
ඇඳ තිබ්බෙත් කාමරේක තැනක ගැලපෙන
එදා රැයේ දෙන්නා වැටුණා ඇඳ කඩාගෙන
ජෝඩුව හිටියේ අයියෝ බිම බදාගෙන
බරට තුවාලයි දෙන්නට හොඳට තද වුනේ
නෑදෑයෝ එක්ක ඇවිත් බාස් හමුවුණේ
ගුටි බැට වැදුණා බාස්ට වැඩෙි වැරදුණේ
පුලුං ලීයෙනුයි ඒ ඇඳ හදලා තියෙන්නේ......

(ආරෝන්ගේ මල්ලී බාරොන් මොරටුවේ දක්ෂ වඩුවා
ඇඳන් මේස පුටු ලී බඩු පටස් ගාලා හැදුවා
නැදුන් බුරුත හල්මිල්ලෙන් හොඳ හොඳ වැඩ කෙරුවා
කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා).......//
(කටින් තමයි බිස්සනස් එක වැඩි වැඩියෙන් ගැරුවා)...////