අරලිය ලන්දට සඳ පායන කොටaraliya landhata sanda paayana kota

Araliya Landata Sanda

ගී පද

අරලිය ලන්දට සඳ පායන කොට
තුරුලිය මල් වට බඹරු බමන විට
සිය සිය සිය දහසට ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
ගී පද ලියැවෙනවා

රඹවන් හේනේ කරල් පැසෙන කොට
අඹ මල් ගානේ ගිරව් හඬන විට
දොඹ තුරු මානේ සෙවන දකින මට
ඔබ ගැන සිහිවෙනවා එතකොට
සි ති විලි ඉගිලෙනවා

දඬු ‍වැල් බෑ මී සුවඳ දැනෙන කොට
පඬුවන් අහසේ තරු පායන විට
හැඬුමට නොහැකිව දෙඇස වසන මට
ඔබ ගැන සිහි ‍වෙනවාඑතකොට
සිහිනය උපදිනවා