ගී පද
සිනාසුණ හැම මුවක තිබුනේ
හිනාවම විතරක් නෙමෙයි
මුලාවුණු තැන හිතක පතුලේ
ලියුවේ කඳුලෙන් නෙමෙයි...
ජීවිතේ අපි සිහින මැව්වේ
බොහෝ විට සිහියෙන් නෙමෙයි
වැරදුනා මිස පැරදුනේ නෑ
ඇරඹුමයි," නිම "නම් නෙමෙයි...
නැවතී නැවතී ගලන විටදි
මහා ගං වුනත් හැඩ උනේ
වැටි වැටී හරි සිනාසෙමි මම
එයයි ජීවිත මන්තරේ
දුකයි සතුටයි දරාගනු මැන
අන්න එහෙමයි ජීවිතේ...
ජීවිතේ අපි සිහින මැව්වේ…
හඬනු බැරි බොහෝ විටකදි
සිනාසීමයි උත්තරේ
කඳුළු අතරින් ගලපු සතුටක්
ජීවිතේ ඔපවත් කලේ
දුකයි සතුටයි දරාගනු මැන
අන්න එහෙමයි ජීවිතේ...
ජීවිතේ අපි සිහින මැව්වේ…//