අප්පච්චී (බෝ සෙවනක් සේ සිසිල සදාදී)appachchii (boo sewanak see sisila sadhaadhii)

Appachchi (Bo Sewanak Se Sisila Sadadi)

සංගීතය:
දර්ශණ වික්‍රමතුංගdharshana wikramathunga
පද රචනය:
නන්දසේන වන්නිනායකnandhaseena wanninaayaka

ගී පද

බෝ සෙවනක් සේ සිසිල සදාදී
සීපදයක් සේ හිත සනසාදී
බෝ දුක් උහුලා ආ සංසාරෙන් 
එතෙර වුනාදෝ .... එතෙර වුනාදෝ
අප්පච්චී .... ආදරණීය අප්පච්චී

හානා හීයේ රටා මැවෙනදා
පානා අඬහැර නාද ඇසෙනදා
නාද රටා මේ යැයි නුඹගෙන් මං
ඉගෙන ගතිමි මයෙ අප්පච්චී

වැව් තාවුල්ලේ සඳකැන් හිනැහෙන 
වෙල් ඉපනැල්ලේ බොල්පිණි පෑගෙන 
ගම්මානෙක යළි නුඹෙම පුතුවී
උපදින්නම් මයෙ අප්පච්චී

බෝ සෙවනක් ....