අපිට කියන්නapita kiyanna

Apita Kiyanna Any Problem No Problem

ගී පද

හස්බන් බොනව නම් කලබ් ගානේ යනවනම් 
නෝනට හිරි හැර නම් අපිට කියන්න
නෝනට කට වැඩි නම් නිතරම කරු කුරුනම් 
ඉවසන්නම බැරිනම් අපිට කියන්න
ලොකු දුව ලස්සනම් කලවයස හරි නම් 
කොල්ලෙක් හොයනවනම් අපිට කියන්න
පොඩි දුව ගෙදර ඉදන් මහා රැ එලි වෙනකම් 
sms අරිනවනම් අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem 
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......

business සරු වෙලා නම් අදායම වැඩි නම් 
income tax problem නම් අපිට කියන්න
tax එක වැඩි වෙලනම් 
මහ ගෙදර කලබල නම් 
ප්‍රවීන කිචි බිචි නම් අපිට කියන්න

සේකට්‍රිත් එක්ක හොරෙන් boss ගිය ගමන් බිමන් 
නෝනට අහු වෙලා නම් අපිට කියන්න
අනේ සේකට්‍රිට ආදරේනම් 
divorce එක ඕනෙමනම් 
අපිට කියන්න......

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem 
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......

ඉතාලි ප්‍රංස ජපන් යන්නට හදනවනම් 
හොර විස ඕනෙම නම් අපිට කියන්න
වලිකඩ හිරගෙදරින් luxury කාමර දෙන 
බූක් කරන්න ඕනෙමනම් අපිට කියන්න

අනේ රූපවාහිනියේ කලබල නම් 
නිතරම තර්ජන නම් 
විසදුම් ඕනෙමනම් අපිට කියන්න
මන්ත්‍රීලගේ පඩි මදිනම් 
ජීවත් වෙන්න අමාරුනම් අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem 
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......

ගිය පාර පැරදුනානම් 
මේ පාරත් පරදුනම් දිනන්න ඕනෙමනම් අපිට කියන්න
අනේ අලියා වටිලනම් , අලියට පන නැත්නම් 
සෙලින ඕනෙමනම්  අපිට කියන්න
අයියෝ.....සාමය හොයනවනම් ජීනිව යනවනම් 
විසදුම් ඕනෙමනම්  අපිට කියන්න
පොස්ටේර් ඉරලනම් cut-out  කඩල නම්
පොලිසියෙන් කරදරනම්  අපිට කියන්න

අපිට කියන්න අපිට කියන්න අපිට කියන්න
විසදලා දෙන්න any problem no problem 
කියන්න ප්‍රශ්නය ඔබගේ .....
අපි දෙන්නම්කෝ උත්තරේ ......