ගී පද
(අපි තරම් ළං වූ දෙසිත් ඇති
පෙම්වතුන් නොදනිම්
අපි තරම් වෙන් වූ රිදුම් විඳි
පෙම්වතුන් නොදනිම්......//)
බැඳුණ අප දෙසිතේ සිතුම්
ජයගනු රිසින් කළ කී කතා
අපට අප යළි උදහසින්
අවි නගන දා බොල් වී ගියා.......
නැගෙන සැප දුක වේදනා
විඳගනු රිසින් නැංවූ සිනා
අපට අප යළි රුදු සිතින්
දොස් නගන දා සැඟවී ගියා.......
අපි තරම් ළං වූ......//