අපි සන්තෝෂෙන් ඉන්නේapi santhooshen innee

Api Santhoshen inne

ගී පද

අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
එක හැලියේ බත් කන්නේ  එක සෙවණේ නිදියන්නේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී

අපේ හිත් වල නෑ කෞදේ විහිලුවටයි විවාදේ
අනුනට නෑ ඔරවන්නේ අවිහිංසක ලෙස ඉන්නේ //
සැපතේ විපතේ වේවා එක්වී එකටම ආවා
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපි සන්තෝෂෙන් ඉන්නේ ......

සිංහල රජිදෙකු පෙරදා මිතුදමේ අගය පහදා
තම හිතවත්කම පෙන්වා මහ ගිනි මැලයට පැන්නා //
දුක සැප දෙකේම වාසේ අදි බිතු සිතුයම් රෑසේ
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපි සන්තෝෂෙන් ඉන්නේ

හැමදා උපදින වාරේ හමුවේවා සංසාරේ
කවදත් එකටයි ඉන්නේ කිසිවිට නෑ වෙන් වෙන්නේ //
ජීවිතේ මිහිර විදිමු ප්‍රීතියෙන් ගීත ගයමු 
අයියා මල්ලී වාගේ අයියා මල්ලී
අපි සන්තෝෂෙන් ඉන්නනේ ...........