අපි සැනසිල්ලේapi saenasillee

Api Sanasille

සංගීතය:
සේනක බටගොඩseenaka batagoda
පද රචනය:
සේනක බටගොඩseenaka batagoda

ගී පද

උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ
නැළවිලි ගී වල තාලෙන් නැළවුනු කාලේ
තාමත් එහෙමයි - මට අමතක නෑ
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ

යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං

දුව පැන ඇවිදලා සෙල්ලම් කළ ඒ කාලේ
ඇල දොල ගංගා වැව්වල පීනපු කාලේ
තාමත් එහෙමයි - මට අමතක නෑ
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ

යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං

අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ
රංචු ගැහිලා කවි සිංදු කියපු ඒ කාලේ
තාමත් එහෙමයි - මට අමතක නෑ
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ

යං යං යං යං අපි සැනසිල්ලේ
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ
යං යං යං යං