අපි කවුරුද (සී සී කඩ විසිරුනු )api kawurudha (sii sii kada wisirunu )

Api Kawuruda (Sisikada Wisurunu)

සංගීතය:
සේනක බටගොඩseenaka batagoda
පද රචනය:
සේනක බටගොඩseenaka batagoda

ගී පද

සී සී කඩ විසිරුනු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ නැතිවැ
හුදකලාවෙ තනිවී සිටියම
සිහින ආකරේක වැටුනා වාගේ නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනවා කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස අතරේ 
හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කළ 
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද

ඉර බැසයන ගොම්මන් යාමේ
තරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී සුලඟ සේ

මොහොතින් මොහොතට....

ගිනියම් ඉර සඳ සිසිලස අතරේ 
හොයනවා හොයනවා මේ අපි කවුරුද
ගීයකි ලොව සිතුවම් කළ 
අතරේ අහනවා බලනවා මේ අපි කවුරුද......