ගී පද
අපි ගොවියෝ වෙමූ...////
නම්බුකාර පොරනේ සිට පැවතෙන
අතීතයේ රජ ගොවිවරුඑයින් මතුව ගොවි රජවරු
කොපමන ගරු ගාම්භීර නාමයක්දගොවියෝ...
දැන් නම් නිකම්ම ගොයියෝඅපි ගැති ගොවියෝ
පිදුරු ඉවත් කරනා ගැති ගොවියෝඅපි ගැති ගොවියෝ
බැත ගොඩ උන්ටම පුද කරනා
මඩ සේදූ කල රජ වනු නිසැකය...
ගොවියෝ...ගොවියෝ...
එහෙත් කවුරු සෝදන්නෙද අප මඩ
වතුර පොදක් දෙන්නේ උන් කවුරුද...
මඩ සේදීමට නොව වතුර පොදක් ඉල්ලන්නේ
තොලකට පොඟවන්නයි පොඩි උන්ගේ
යල මහ වපුරන්නයි රිසි සේ
යළි වහ නොම බොන්නයි කරුමය සේ...//