ගී පද
අපේ තාත්තා තණතිල්ලේ රෝල අදිනවා
කඩුලු දෙක අතර කහවණු දෝර ගලනවා
නැති බැරිකම හොඳින් ඔතා
කඩදහි පන්දුවක් හදා
අපි හිඳගෙන පොල් පිත්තෙන් එයට තලනවා
ඒ පන්දුව ගෙයි දොරකඩ ආයේ වැටෙනවා
තාත්තා හැදු තණතිල්ලේ පන්දුව දඟකැවී ඇවිත්
සුපිරි පිතිකරුගේ කඩුල්ල බිඳිලා යනවා
හැමදාමත් නොදැවී ඉන්න මාන බලනවා
කුසගින්දර මැද අපි හැමදාම දැවෙනවා
අපේ තාත්තා...
කහට උගුරකින් තොල කට තෙමාගෙන අපේ තාත්තා
කුසරැලි දඟකැවෙනඅයුරු බලා හිඳිනවා
ඔල්වරසන් හඬ මැද මධු සාද මැවෙනවා
දිනුවත් පැරදුනත් අනේ සල්ලි ලැබෙනවා
අපේ තාත්තා...