ගී පද
(අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ....//)
(රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්...//)
ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී....
අපේ ජීවිත මේ.....//
(ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා...//)
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී.....
(ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ....//)