අපෙ අම්මා කොළඹ ගිහිල්ලාape ammaa kolamba gihillaa

Ape Amma Kolomba Gihilla

ගී පද

 අපෙ අම්මා කොළඹ ගිහිල්ලා
මට අලුතෙන් පොත් ගෙනැවිල්ලා
මගේ පෑනේ වයිරම් වැටිලා
පැන්සලයද ගානට කැපිලා......//

යාළුවො දෙන්නෙක් තවමත් පහළයි
හරි ඉහළයි පන්තිය මාගේ
භූ ගෝලය, ඉතිහාසය, ගණිතය
ලේසියි මට රට කජු වාගේ...//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා.....

ගුත්තිලයේ කවි ටික කට පාඩම්
අමා වතුර මට වතුර වගේ
කතා පොත හොඳයි නින්දට යන විට
කියවන්නට එය හරිම අගේ

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....

පෙර -පර දෙදිගම රසවත් පොත පත
ඉඩ ලැබු හැම විට කියවනවා
මා ලොකු වුණු පසු කවි ගී රචනා
ලියලා පොඩි අය සනසනවා...//

අපෙ අම්මා කොළඹ ගිහිල්ලා....