ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්aapasu enawaa magee hitha ibi gamanin

Apasu Enawa Mage Hitha

ගී පද

ආපසු එනවා මගේ හිත ඉබි ගමනින්
ඔබ ඈතක රඳවා
කාට කියම්දෝ කෙලෙස කියන්නද මං
අප සිත් හඬන තරම්
අප සිත් හඬන තරම්

ඔබ නැවතුන තැන මගේ හිත  ‍ඔබෙ ළඟ
වෙනතක නැතේ ලැගුම්
කවුරු කියන්නද කෙලෙස පතන්නද
අද මා හෙලන සුසුම්

ඉහට වහල සේ තරු පිරි අහසේ
නිවහන වූ පොළවයි
හමුවූ තැන් වල ගස් වැල් වැළපෙයි
නොහඬමු ඔබයි මමයි