අනුරාවීanuraawii

Anurawee

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
කැලුම් දිසානායකkaelum dhisaanaayaka

ගී පද

ඈ ශෘංගාරෙන් මත්වීලා
ස්වර්ග රසේද මවා ගෙනල්ලා
හැඟුම් පුරෝලා
රෑ තුන් යාමේ රඟදේවී 
රාග කසාය මුවින් නොඉල්ලා
ඉඟිබිඟි පාලා
අවසානේ නොවෙයි මේ ඇරඹුමයි
මගේ පෙම් කතාවේ
ජීවත්වෙනතුරු මෙමා ඔබ නමින්
හුස්ම ගැහුනාවේ..//

මේ විශල් නිශායමේ සුපෙම් නුරාගයේ
ඒ දෙතොල් පුරා මැවී සියුම් නුරා රසේ
මා හදේ කපාටයේ නැඟී රතී සුවේ
සාදරෙන් කතා උනේ සුසුම් අපේ ප්‍රේමා ගින්නේ
සුරම්‍ය තුසීත හැඟුම් ගෙනා අනුරාවී

Rap
රසේ මතු කරන ඇගේ ලතාවන්
මගේ මනස තුල ඇඳෙයි රටාවන්
මලේ සුවඳ මත වශී උනා මං
අපේ කතාවේ ඔයා විලාසිතාව
රඟදේවී දෙතොල් මැද තනිවේවී
මත්‍ රස නෙත් අග මං පැටලේවී
මත් උන සිතුවිලි දැන් ගලාව්ඒවී
කලඹාවී සිත මගෙ අනුරාවී

සායමින් වැසූ ඇගේ කොපුල් තටාකයේ
පීනමින් සරාගයේ ලැබූ සුමෝහනේ
ප්‍රේමනීය සෘතුවේ හැමූ සරාලියේ
මේ වසන්තයයි අපේ විඳින්න එක්වෙන්න ජීවිතේ
සුරම්‍ය තුසීත හැඟුම් ගෙනා අනුරාවී

ඈ ශෘංගාරෙන් මත්වීලා....