අනුරාගිනීanuraaginii

Anuragini

සංගීතය:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
පද රචනය:
ආරධනා ඒකනායකaaradhhanaa eekanaayaka

ගී පද

අනුරාගිනී දෑසේ වෙලී උන් කාලේ ගත වී ගිහින්
ළං වී ඇගේ තුරුලේ වෙලී මැවී හීනේ බොඳවී ගිහින්
වෙන් වී වෙන් වී මා ගාව නෑ ඈ රැඳී
(දුක දීලා පිටුපා ගිහින්නේ...//)

ඈ නීල දෑසේ මා සෙව්ව සිහිනේ
කවදාක ආයේ හමුවෙන්නේ නෑනේ
කඳුලක් වුණාදෝ සුසුමක් වුණාදෝ
මගේ හීනේ සඳ රාජීණි
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
(දුක දීලා පිටුපා ගිහින්නේ...//)

රෑ සීත යාමේ ඈ මා ළඟින් 
දැවටිලා පෑවේ ආදර හැඟුම්
වරදක් වෙලාදෝ තරහා වෙලාදෝ
මගේ හීන සඳ මාලිනී
ළං වී ළං වී මා ගාව දැන් නෑ රැඳී
(දුක දීලා පිටුපා ගිහින්නේ...//)

අනුරාගිනී.....