අනුලාanulaa

Anula

සංගීතය:
තරිඳු දම්සරtharindu dhamsara
පද රචනය:
හංසි සඳමාලිhansi sandamaali

ගී පද

නුරාවී මා අනුලා නෙතු රවටන
කාමයේ ධේනුව සේ ගත පිනවන
රමණයේ අහවර දුක් ගිණි  උහුලනා
සිව් හෙළෙ වංශ පොත් පිටු මැද නෙතු යුගල බොඳ වුනා

විල් තෙරේ අසෙනි මල සේ කැකුළු මා පිපුනා
වියපත් වූ පාපියෙකු අතින් බඹසර බිඳුණා
විඳවනා මා ගතේ දුක් රුධිරයේ පෙඟුණා
එලෙස විදි දුක් විෂ බඳුන් වල මුහු වෙලා තිබුණා
බලපන් හදවතේ රිදුම්දෙන මේ වේදනා

රජ මැදුරු වාසල එහා නෙක ගම් දනව් පීරා 
දාහයෙන් නැහැවුන ගතින් මා ආදරේ හෙව්වා
වංශයේ දීපංකරේ  සැම කුල සිරිත්  වනසා
ප්‍රේමයක් නොලබාම මා ගිණි චිතකයේ දැවුණා
බලපන් හදවතේ රිදුම් දෙන මේ වේදනා