අන්තිමේ තේරුණේanthimee theerunee

Anthime Therune

සංගීතය:
දුලිප් මිරැන්ඩෝdhulip miraendoo
පද රචනය:
මලින්ද ප්‍රභාත්malindha prabhaath

ගී පද

අන්තිමේ තේරුණේ දොස් නැගූ චෝදනා 
මට පැහැදිලි නුඹේ සිතුවිලි වෙනසක් වෙලා
වචනෙන් පවා මට දැනෙනවා 
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා 
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා 
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...

එනකල් බලන් හිටි ඒ ඇස් එදා නුඹේ
අද හොයනවා මා මිදෙන්න හැරදමා
මා නොදැක්කා නොවේ පේන මානේ නොහිටි 
හංගන්න බෑ මගේ කඳුළුත් ගැලුවා හඬා
වචනෙන් පවා මට දැනෙනවා 
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා 
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා 
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...

පුදුමේ ගිය හැටි නොවේ හිටිය හැටි ළඟ මගේ
දෙන්නා පණ වාගේ පෙර ඔයා සිහිවුණේ
වැරදුණොත් මට වාගේ යලි 
හැදෙන්නට නෑ වෙලා මදි 
අවවාදයයි කළේ සුදු අවසානේ මා...

වචනෙන් පවා මට දැනෙනවා 
පණටත් වඩා පෙම් කළා මා එදා
හංගා ගෙනා දිවියේ පුරා 
ඒ ආදරේ මියැදිලා මිහිදන් වෙලා
හුස්මේ පවා නුඹවම තියා මා ඉන්නවා 
දවසක ඔයා යලි එනතුරා යලි එනතුරා...